How to shoot milky way මන්දාකිණි එහෙමත් නැත්නම් ක්ෂීරපථ වල  ෆොටෝස් ගන්නෙ කොහොමද....

මම අද මේ පෝස්ට් එකෙන් සරලව තේරෙන සිංහලෙන් කියල දෙන්න යන්නෙ මන්දාකිණි එහෙමත් නැත්නම් ක්ෂීරපථ වල  ෆොටෝස් ගන්නෙ කොහොමද කියලා.

අපිට මේ වැඩේට කැමරාවක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් ඊට අමතරව tripod එකක් වැඩේට ඕන කරනවා,තව දෙයක් තමයි හොදට අහස පෙනෙන කිසිම ආලෝකයක් නොමැති කළුවර තැනක් වැඩේට ඕන වෙනවා. හරි එහෙනම් වැඩේට බහිමු.😁
තව දෙයක් මේ මන්දාකිණි හැමදාම පෙන්නෙ නැහැ,පෙබරවාරි අන්තිම ඉදලා ඔක්තෝබර් මාසෙය වගේ කාලය තුල තමයි  මේවා පෙන්නෙ. ඒකට අපිට https://stellarium-web.org/ මේ වෙබ් සයිට් එක භාවිතා කරන්න පුලුවන්

ඔයා තෝරගත්ත location එකට ගිහිල්ලා කැමරාව හෝ ඔයාගෙ ෆෝන් එක tripod එකට සෙට් කර ගන්න, හොදට හෙල්ලෙනෙ නැති වෙන්න තියාගන්න

හරි දැන් කැමරාවෙ සෙටින් හදාගන්න ඕන,
කැමරාව manual setting වලට දාගෙන Aperture එක පුලුවන් තරම් අඩු කර ගන්න.
ඊට පස්සෙ shutter speed එකත් පුලුවන් තරම් අඩු කරන්න,ඊට පස්සෙ ISO එකත් පුලුවන් තරම් වැඩිකර ගන්න,මේ කියපු හැම සෙටින් එකක්ම වගේ අලුත් ස්මාර්ට් ෆෝන් කැමරාවෙත් වෙනස් කර ගන්න පුලුවන් Manual mood එකට ගියොත්.හරි දැන් ඉතින් සෙටින් ටික නම් හරි.🤩

ඇත්තටම අපි වෙනස් කරපු setting වලින් මොකක්ද වෙන්නෙ කියලා සරලවම කියන්නම්,ඕනම දෙයක වැඩේ වෙන්නෙ කොහොමද කියලා දැනගෙන කරන එක හොදයි නේ 😁

Aperture එක කියන්නෙ image sensor එකට එන ආලෝකය අඩු වැඩි වීම පාලනය කරන ක්‍රමයක් නේ,Apperture එක අඩු කරද්දී වැඩි ආලෝකයක් image sensor  එකට ගන්න පුලුවන්,ඇත්තටම අපි දැන් කරන්න යන්නෙ ගිනි කළුවරේ ඉදන් ආලෝක වර්ෂ ගනන් දුර තියෙන ග්‍රහ වස්තුව වල ආලෝකය අපේ image sensor එකට ගන්න නේ, මේ වගේ දෙයක් අපේ ඇසේත් තියෙනවා,ඒකනේ අව්වෙ ඉදන් ගේ ඇතුලට ආවම පේන්නෙ නැතුව යන්නෙ හරියට,ඇත්තටම අපේ පියවි ඇසෙන් මේ මන්දාකිණි බලන්න පුලුවන් කැමරාවෙන් ව්ගේම,විනාඩි විස්සක් විතර ගිනි කළුවරේ හිටියා නම් අපේ ඇහේ Aperture එකත් ලොකු වෙලා මන්දාකිණි පේන්න ගන්නවා 🤩

Shutter speed එක කියන්නෙ image sensor  එක open වෙලා තියෙන වෙලාව,ඉතින් අපි ඒකත් පුලුවන් තරම් අඩු කරනවා ඒකෙන් වෙන්නෙ ඒකෙන් වෙන්නෙ image sensor එකට වැඩි කාලයක් ආලෝකය ලබාගන්න පුලුවන්,කැමරාව tripod කරන්නෙත් ඇයි කියලා දැන් ඔයාට තේරෙනවා ඇති නේ 😁

ISO එකෙන් වෙන්නෙ තේරෙන විදියට කිවොත් image sensor එකට වැටෙන ආලෝකය image processor එකෙන් වැඩි කරන එක,අපි ගෙදර ප්ලෙර් එකේ sounds ඈම්ප් එකට දීලා වැඩි කරන්නෙ ඒ වගේ වැඩක් 😁 ඉතින් මේ ISO වැඩි කරද්දි ඔයාගෙ ෆොටෝ එකට noise ගොඩක් එන්න පුලුවන්

දැන් තේරෙනවා ඇති ඇයි අපි මේ සෙටින් අඩු වැඩි කරන්නෙ කියලා,ඉතින් මං කිව්ව විදියට හැම එකක්ම පුලුවන් තරම් අඩු වැඩි කරන්න ඕනම නෑ,තැනේ හැටියට ඇනේ ගහන්න 😁 වැඩේ ටිකක් කරගෙන යද්දි ඔයාට තේරෙයි🤩

හරි දැන් ඉතින් shoot shoot,තව දෙයක් shutter button එක press කරද්දි කැම් එක පොඩ්ඩක් හෙල්ලෙනවා අපිට දැනෙන්නෙ නැති උනාට ඒක ෆොටෝ එකට අවුල්.ඉතින් ඒකට shutter button එක වෙනුවට කැමරා එකේ app එක use කරන්න පුලුවන්.ෆෝන් එකේ නම් timer එක 3sec වගේ දාල shutter button එක press කරන්න පුලුවන්.හරි ඉතින් වැඩේ ඉවරයි,හැමෝටම ජය.....